Sunday, February 19, 2012

රූපයට නොව හදවතට ආදරය කරන්න.



ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.

ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.

ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.

ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය.

"මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්" ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.

කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්නම්

"හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි.

ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය...ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.

මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.

මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා.

ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා,

"මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා"

කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා

"මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම " ඇය පිලිතුරු දුන්නා

"මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. "" මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා"

රූපයට නොව හදවතට ආදරය කරන්න ඔබ ජය ගනීවි.

Sunday, February 12, 2012

අංග ලක්ෂණ වලින් ස්ත්‍රීන් හදුනාගනිමු.

 

අද මම කියන්න යන්නේ අපේ කොල්ලන්ට බොහෝමත්ම ප්‍රයෝජනවත් දෙයක්..ඉතින් මේ මත පිළිබදව විශ්වාස නොකරන අය අද බොහෝම වැඩියි..නමුත් ඉතින් මේවාට ඇළුම් කරන පුද්ගලයනුත් ඉන්නවා‍නේ..කෂ්ටිය හිතයිද දන්නෑ මේකා දැන් මේවගේ යන්ත්‍ර, මන්ත්‍ර, ශාස්ත්‍ර, හදි හූණියම් එහෙමත් පටන්ගෙනද කියලා...:D අපෝ නෑ.. මමත් මේ අහම්බෙන් වගේ දැක්ක දෙයක්..ඉතින් මොනවාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලයි මේක ලියන්න හිතුවේ.වෙනසකටත් එක්ක

ඔයාලා දන්නවානේ ස්ත්‍රි පක්ෂය..(පස්ස එහෙම නෙමේ..පාර්ෂවය.මොකද අපේ එවුන්ට ස්ත්‍රි කිවුවොත් මතක් වෙන්නේ වෙන වෙන ඒවනේ.) අපේ කොල්ලෝ කිදෙනෙක් නම් ඔය ජාතිය නිසා වැඩ අනාගෙන තියනවද? මුලින්නම් සැප තමා නමුත් ඉතින් පස්සේ විදවනවා..මොකද ඉතින් ඔය ස්ත්‍රී කියන ජාතියට තියනවළුනේ අර 64 මායම් කියලා දෙයක්. අහු වුණොත් අහු වුණාම තමා..අපේ එවුනුත් ඉතින් පැණිය හල හලමනේ යන්නේ...

ඔන්න කොල්ලනේ අද ඉදලවත් පනින්න පෙර සිතාබලනු ‍(අනින්න ගිහින් ඇන ගන්නේ නැතුව) කියලා මම මේ කියලා ‍තියන තොරතුරු ටික පිළිබදව හොදට විමසිලිමත් වෙලා ඉන්න.මේ තියෙන්නේ කෙල්ලෙක්ව මුලින්ම බාහිර පෙනුමෙන් අවබෝධ කර ගැනිමට හොද උපදෙස් මාලාවක්..ඒ අයගේ ශරීරය දිහා බලලා(අපේ එවුන් ඉතින් ඕක දිහා නොබලා ඉන්න එකක් යැ..)

*නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ

මුහුණ පලල් වීම,මහත් වීම, මුහුණ පිරී තිබීම, නලල පටු වීම, කථාව තියුණු වීම, ගැඹුරු වීම.

*තෘෂ්ණාව අධික ස්ත්‍රියකගේ ලක්ෂණ

අක්ෂි යුග්ම කුඩා හා අදුරු පැහැයක් ගැනීම,ඇස් බැමි සිහින් වීම,ඇගිලි එකිනෙකට තදවී ඇත.


*සත්‍යයෙන් තොර කාන්තාව

‍මුහුණ පළල් හා පිරුණු හැඩයක් ගනී. තොල්පෙති එල්ලා වැටෙන සුළුය, ඇසිපිය පහතට නැමී යයි,නිකට වල ගැසුණු අයුරු පෙන්වයි.

*සාධාරණ කාන්තාව

මුහුණ අලංකාර මධ්‍යම ප්‍රමාණයක් ගනී, නිකට මදක් පැතලිය, උදරය කුඩාය, පා ඇගිලි කුඩාය.

*වීර කාන්තාවකගේ ලක්ෂණ

හිසකෙස් සිහින් හා ලා පඩු පැහැයක් ගනී,දෑත් දිගය, මහතය, ශක්තිමයත්, තොල් පෙති අලංකාර පෙනුමකින් යුක්තය, ඉතා වේගයෙන් කථා කරයි.

*ශිෂ්ඨාචාර ස්ත්‍රියකගේ ලක්ෂණ

ශරීරය මධ්‍යම ප්‍රමාණයක් ගනී, උරහිස් ශක්තිමත්ව පළල්ව පිහිටා ඇත, ගමන් බිමන් සෙමින් ශීලාචාර ගතියක් පෙන්නුම් කරයි
 
මේ ටිකත් කියවලාම බලන්න..


‍කාන්තාවකගේ පියයුරු දෙක අතර ඇති පරතරය පළල් වූයේ නම්- අශුබ ඵල ගෙන දේ
ඉතා අලංකාර දෑස් ඇති කාන්තාව- ඉතා ප්‍රීතියෙන් කල් ගෙවයි.
අඩවන් දෙනෙත් ඇති කාන්තාව- සැමියාට ආදරවන්තියකි.
පාදවල දබර ඇගිල්ල මාපට ඇගිල්ලට උඩින් ගියේ නම්- සැමියාට අවාසනාව ගෙන දෙයි
නිල් පැහැති, පැහැපත් ඇස් ඇති කාන්තාව- සැමියාට සම්පතකි.
යටි පතුළ හරි මැදින් හරියට බිම නොගෑවේ නම්- අවාසනාවන්තය
පාදයේ සුලගිල්ල බිම නොගෑවේ නම්- සැමියාට මාරකය
කාන්තාවකගේ යටි බඩ මහත්ව උස්ව පිහිටියේ නම්- ඇය ඉතාම යහපත්ය.
රෝම කූප අඩුව පිහිටියේ නම්- උසස් නිලතල ලබන්නීය, යහපත් ගති පැවතුම් පෙන්නුම් කරයි.
උරහිස් විශාල ස්ත්‍රිය- කම් සැප සොයන ස්ත්‍රියකි.
අඩු උරහිස් ඇති කාන්තාව- වැන්දඹු වේ.
උරහිස් සමසේ ඇති කාන්තාව- වාසනාවන්තය
උරහිස් කොට නම්- කිසිම සැපතක් නැත
‍යටි පතුල් පළල්ව දිගට ඇත්නම්- මෝඩ අදහස් ඇති ස්ත්‍රියක් වේ.
විලුඹු සමව පිහිටා ඇත්නම්- සිරියාවන්ත කාන්තාවකි.
උකුල පැතලිව නැමී ගියොත්- දරුපල සහිතය.
උකුල සමව පිහිටි නම්- සැප සම්පත් ලබයි.
කොට ඇගිලි ඇති කාන්තාව- රතියට ආශා අයෙකි.
දිග ඇගිලි ඇත්නම්- කලාකාමි අයෙකි.
තුන්හුලස් ඇගිලි - කාම භෝගී හා සංවේදී.
රවුම් ඇගිලි- ව්‍යාපාර වලට දක්ෂයි.
බෙල්ල පැතලිවීම- සැමියාට මාරක
බෙල්ල මහත්වීම- සැමියාට වාසනාව
බෙල්ල කොටවීම- දුප්පත් වේ.
බෙල්ලේ ඉරි තුන- ගිය ගිය තැන නම්බු නාම.
බෙල්ලේ සුලිය- සැමියාට මාරකයි.
පිටෙහි සුලිය- දුක්බර ජීවිතය.
බඩෙහි සුලිය- දුක් දොම්නස්.
නලලේ සුලිය- දරුවන් රහිතයි.
නල දතක් වරූපී නොවී වම්පස පිහිටීම- වාසනාවන්තයි.
යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටීම- වාසානාවන්ත කාන්තාවක්.

සැලකිය යුතුයි- මෙහි ඇතුළත් සියළු කරුණු තම තමන්ගේ ක්‍රියා කලාපයන් අනුව වෙනස් කර ගත හැකි වේ..මෙය බලා සිත දුබල කර නොගෙන තම කටයුතු මනා සිහියෙන් යුක්තව සිදුකල විට සියළු ගැටළු මග හරවා ගත හැකිය..‍අපේ චේතනාව අනුව කර්මය සිදුවේ.

‍මෙය කියවා බලා ඔබවිසින් ගනුලබන කිසිදු තීරණයක් පිළිබදව කිසිදු වගකීමක් අප විසින් නොගනිමු.


**මෙය කිසිදු අයුරකින් ස්ත්‍රීන්ට පහරක් ගැසීම සදහා කරන ලද්දක් හෝ කිසිම පුද්ගලයෙකු අපහසුවට ලක්කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද්ද‍ක්‍ නොවේ.**

එහෙනම් යාළුවනේ ‍ඔයාලත් මේක කියවලා හිතට නැගෙන අදහස් යෝජනා චෝදනා සියල්ල අප වෙත ඉදිරිපත් කරන්න..ඔබගේ අදහස් අපිට ‍වැදගත්...එක වචනයක් උනත් එය මට වැදගත්..ඉතින් එහෙනම් ස්තූතියි..