Monday, January 16, 2012

කොල්ලෙක්‌ නැති ජීවිතේ පරිප්පු නැති හෝටලයක්‌ වගේ ..
කෙල්ලෙක්‌ නැති ජීවිතේ සාක්‌කු නැති කලිසමක්‌ වගේ..

සමහරු එහෙම කියනවා..
ඇත්ත අද කාලේ love affairs නැති කෙනෙක්‌ නැති තරම්..
හැමොටම girl friend කෙනෙක්‌ boy friend කෙනෙක්‌ ඉන්නවා..

අප්පෝ... ආදරේ කරන එක වරදක්‌.. පවක්‌ නම් නෙවෙයි.. ආදරේ කියන්නේ දෙවියංගෙන් ලැබුන තෑග්ගක්‌..
බොහෝම අඩු වයසේ ඉදන් ආදරේ කරන්න පටන් ගන්න එක .. girl කෙනෙක්‌ boy කෙනෙක්‌ හොයා ගන්න එක වරදක්‌ද නැද්ද කියන එක එක ගැන කතා කරනවට වඩා ආදරේ කරද්දි තමන්ට යන්න පුලුවන් සීමාව මතක තියා ගෙන ආදරේ කලා නම් වටිනවා.
ආදරේ වැරදි විදියට තේරුම් ගත්ත අය හුගාක්‌ වෙලාවට ආදරය කියන්නේ ලිංගිකත්වයත් එක්‌ක සමාන කරලා හිතනවා. එහෙම හිතලා නොයා යුතු දුරක්‌ යනවා . ගබ්සා වලට මූලිකව හේතු වෙන්නේ මේ කාරණාවයි. එහෙමත් නැත්නම් මේ හා සමාන කරුනුයි.

පානාතිපාතා වේරමනී සික්‌ඛාපදන් සමාධියාමි .. කියලා වචන ගැට ගහන දා ඉදලා උදේ හවස මන්තරයක්‌ වගේ කියන්වා.. ඇත්ත පර පන නසන එක ලොකූ පවක්‌..එතකොට තමංගේම ක්‍රියාකාරකම් නිසා උපන්නේ නැති දරුවෙක්‌ව උපදින්නත් කලින් මරලා දාන එක හරිද ?
ඒක කොච්චර ලොකු පවක්‌ද ?
ඇයි තමන් මුල මැද අග විහින් පටලවාගෙන මේ ලෝකේ එලිය දකින්න පෙරුම් පුරා ගෙන ඉන්න දරු පැටියෙක්‌ව දස වද දීලා මරලා දාන්නේ..

කරන්න දෙයක්‌ නෑ .. අබුද්දස්‌ස කාලේ මේක..
කොයි දේ කොහොම උනත් ශ්‍රී ලංකාව තුල ගබ්සා කිරීම නීති ගත කරලා..
ඒ ගැන නම් කියන්නේ ගොඩාක්‌ කනගාටුවෙන් ..

දැන් හැම දේම වානිජකරණය වෙලා.. ගෝලීයකරණය වෙලා..
දොඩම් ගස්‌ වලත් ඉද හිට ඇපල් හම්බෙන කාලයක්‌ මේක..

ඒ නිසා ලෝකය වෙනස්‌ කරන්න නීති වෙනස්‌ කරන්න අපිට බෑ.. ඒත් තමන් වෙනස්‌ කර ගන්න පුලුවන් නේද ?
ආදරේ කියන්නේ ගොඩාක්‌ පවිත්‍ර ගැබුරු හැගීමක්‌.. ඒ නිසා හැම වෙලේම තමංගේ සීමාවේ ඉදලා ආදරේ කරන්න.. කවදවත් තම්න්ට අම්මේ.. තාත්තේ කියන්න බලාගෙන මේ ලෝකෙට එන්න ඉන්න ලේ කැටියෙක්‌ව මරලා දන්න වෙන තැනට තමන්ව අසරන වෙන විදියට වැඩ කරන්නෙපා..

මනුශ්‍යත්වයේ නාමයෙන් නූපන් දරුවෙක්‌ව උපදින්නත් කලින් මරා දාන්නෙපා..
අම්මෙක්‌ වෙන්න තාත්තෙක්‌ වෙන්න ගොඩාක්‌ පින් කරන්න ඔනේ .
ආයේ මේ සංසාරේ කවදාවත් මවක්‌ වෙන්න පියෙක්‌ වෙන්න බැරි පව්කම් කරන්නෙපා.
ආදරනීය සහොදරයිනි.. සහෝදරියනි..
ආදරයේ.. ජීවිතයේ.. නියම අරුත වටහා ගෙන හදවත නොව බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න.
ගබ්සාවක්‌ සදහා යොමු විය යුතු තැනට වැඩ කටයුතු කරන්නෙපා..

නීතිය අයහපත් පව්කම් වලට අත්වැල් අල්ලද්දී
එහෙව් සමාජයක්‌ මැදින් හරි දේ ලොවට ගෙන යන්නට ඔබත් අපිත් සමග එකතු වන්න.

මෙහි දැක්‌වෙන්නේ ගබ්සාට්‌වට ලක්‌ කල මාස 2ක්‌ වයසැති කලලයක පින්තූරයකි .
මෙලෙසින් මිනිස්‌ ජීවිතයක වටිනාකම තුට්‌ටු දෙකට වෙන්දේසි වන යුගයක
නීතියේ සහයවත් නැති අහිංසක ලේ කැටියෙකුගේ එක ජීවිතයක්‌ හරි බේරා ගනිමු . ***** ගබ්සාව හෙලා දකිමු. ***********

නීති බල්ලට ගියාවේ..
අපි හරි දේ හරි විදියට දකිමු.. වැරදි දේ වැරදි විදියට දකිමු..
වැරදි දේ හෙලා දකිමු.. හරි දේ අගය කරමු..

ඔබත් මා එක්‌ක එකග වෙනවා නම් අනිවාර්යෙන් හැමෝටම් බලන්න share කරන්න. ඔබත් උතුම් මිනිසෙකු වන්න..
එය මානූශීය මෙහෙවරකි.

නීතිය අවිනීතිය යහපත අයහපත මැද්දෙන් හරි දේ ලොවට ගෙන යන්නට
අප දරන උත්සහයට මිනිසත් බව ලැබූ ඔබ සැමගේ සහය අප අපේක්‍ෂා කරන්නෙමු.

1 comment: