යොවුන් ඔබේ දුක් වේඳනා..හදේ නැගෙන සංකල්පනා..එන්න එකතු වී අකුරු කරන්නට..ඔබටයි මේ ආරාධනා...!!!

Monday, January 16, 2012
කොල්ලෙක් නැති ජීවිතේ පරිප්පු නැති හෝටලයක් වගේ ..
කෙල්ලෙක් නැති ජීවිතේ සාක්කු නැති කලිසමක් වගේ..
සමහරු එහෙම කියනවා..
ඇත්ත අද කාලේ love affairs නැති කෙනෙක් නැති තරම්..
හැමොටම girl friend කෙනෙක් boy friend කෙනෙක් ඉන්නවා..
අප්පෝ... ආදරේ කරන එක වරදක්.. පවක් නම් නෙවෙයි.. ආදරේ කියන්නේ දෙවියංගෙන් ලැබුන තෑග්ගක්..
බොහෝම අඩු වයසේ ඉදන් ආදරේ කරන්න පටන් ගන්න එක .. girl කෙනෙක් boy කෙනෙක් හොයා ගන්න එක වරදක්ද නැද්ද කියන එක එක ගැන කතා කරනවට වඩා ආදරේ කරද්දි තමන්ට යන්න පුලුවන් සීමාව මතක තියා ගෙන ආදරේ කලා නම් වටිනවා.
ආදරේ වැරදි විදියට තේරුම් ගත්ත අය හුගාක් වෙලාවට ආදරය කියන්නේ ලිංගිකත්වයත් එක්ක සමාන කරලා හිතනවා. එහෙම හිතලා නොයා යුතු දුරක් යනවා . ගබ්සා වලට මූලිකව හේතු වෙන්නේ මේ කාරණාවයි. එහෙමත් නැත්නම් මේ හා සමාන කරුනුයි.
පානාතිපාතා වේරමනී සික්ඛාපදන් සමාධියාමි .. කියලා වචන ගැට ගහන දා ඉදලා උදේ හවස මන්තරයක් වගේ කියන්වා.. ඇත්ත පර පන නසන එක ලොකූ පවක්..එතකොට තමංගේම ක්‍රියාකාරකම් නිසා උපන්නේ නැති දරුවෙක්ව උපදින්නත් කලින් මරලා දාන එක හරිද ?
ඒක කොච්චර ලොකු පවක්ද ?
ඇයි තමන් මුල මැද අග විහින් පටලවාගෙන මේ ලෝකේ එලිය දකින්න පෙරුම් පුරා ගෙන ඉන්න දරු පැටියෙක්ව දස වද දීලා මරලා දාන්නේ..
කරන්න දෙයක් නෑ .. අබුද්දස්ස කාලේ මේක..
කොයි දේ කොහොම උනත් ශ්‍රී ලංකාව තුල ගබ්සා කිරීම නීති ගත කරලා..
ඒ ගැන නම් කියන්නේ ගොඩාක් කනගාටුවෙන් ..
දැන් හැම දේම වානිජකරණය වෙලා.. ගෝලීයකරණය වෙලා..
දොඩම් ගස් වලත් ඉද හිට ඇපල් හම්බෙන කාලයක් මේක..
ඒ නිසා ලෝකය වෙනස් කරන්න නීති වෙනස් කරන්න අපිට බෑ.. ඒත් තමන් වෙනස් කර ගන්න පුලුවන් නේද ?
ආදරේ කියන්නේ ගොඩාක් පවිත්‍ර ගැබුරු හැගීමක්.. ඒ නිසා හැම වෙලේම තමංගේ සීමාවේ ඉදලා ආදරේ කරන්න.. කවදවත් තම්න්ට අම්මේ.. තාත්තේ කියන්න බලාගෙන මේ ලෝකෙට එන්න ඉන්න ලේ කැටියෙක්ව මරලා දන්න වෙන තැනට තමන්ව අසරන වෙන විදියට වැඩ කරන්නෙපා..
මනුශ්‍යත්වයේ නාමයෙන් නූපන් දරුවෙක්ව උපදින්නත් කලින් මරා දාන්නෙපා..
අම්මෙක් වෙන්න තාත්තෙක් වෙන්න ගොඩාක් පින් කරන්න ඔනේ .
ආයේ මේ සංසාරේ කවදාවත් මවක් වෙන්න පියෙක් වෙන්න බැරි පව්කම් කරන්නෙපා.
ආදරනීය සහොදරයිනි.. සහෝදරියනි..
ආදරයේ.. ජීවිතයේ.. නියම අරුත වටහා ගෙන හදවත නොව බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න.
ගබ්සාවක් සදහා යොමු විය යුතු තැනට වැඩ කටයුතු කරන්නෙපා..
නීතිය අයහපත් පව්කම් වලට අත්වැල් අල්ලද්දී
එහෙව් සමාජයක් මැදින් හරි දේ ලොවට ගෙන යන්නට ඔබත් අපිත් සමග එකතු වන්න.
මෙහි දැක්වෙන්නේ ගබ්සාට්වට ලක් කල මාස 2ක් වයසැති කලලයක පින්තූරයකි .
මෙලෙසින් මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටු දෙකට වෙන්දේසි වන යුගයක
නීතියේ සහයවත් නැති අහිංසක ලේ කැටියෙකුගේ එක ජීවිතයක් හරි බේරා ගනිමු . ***** ගබ්සාව හෙලා දකිමු. ***********
නීති බල්ලට ගියාවේ..
අපි හරි දේ හරි විදියට දකිමු.. වැරදි දේ වැරදි විදියට දකිමු..
වැරදි දේ හෙලා දකිමු.. හරි දේ අගය කරමු..
ඔබත් මා එක්ක එකග වෙනවා නම් අනිවාර්යෙන් හැමෝටම් බලන්න share කරන්න. ඔබත් උතුම් මිනිසෙකු වන්න..
එය මානූශීය මෙහෙවරකි.
නීතිය අවිනීතිය යහපත අයහපත මැද්දෙන් හරි දේ ලොවට ගෙන යන්නට
අප දරන උත්සහයට මිනිසත් බව ලැබූ ඔබ සැමගේ සහය අප අපේක්ෂා කරන්නෙමු.
*___♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥___*
තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !
•උදේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.
•දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.
•පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'' කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.
•මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.
•ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.
•ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.
•ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.
•දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.
අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Tuesday, January 10, 2012
හීන හීනම විතරයි .
පුංච් හිතේ බලාපොරොත්තුවක් ඇතුව මම ලස්සන හීන මැව්වා ..
එත් ඒ හීන හීනම විතරයි ...
අද එය මට හොදටම පසක් උනා ....
දැන් මට ජිවිතයේ හම්බු වෙන්න කියලා දෙයකුත් නෑ නැති වෙන්න කියලා දෙයකුත් නෑ
හුදකලා ජිවිතේකට පුරුදු වෙන ඒක හිතට ලොකු සැහැල්ලුවක් ...
කෙනෙකුට හදවතින්ම ආදරය කරලා අන්තිමේ මට දුකක් පමණයි ඉතිරි උනේ ...
කමක් නෑ මම ඒ හිතට සාප කරන්නේ නෑ හදවතින්ම හොද කෙනෙක් හම්බු වෙන්න කියලා සුබ පතනවා ....
කොහොම උනත් එයාට මම තරම් ආදරය කරපු කෙනෙක් මුණ ගසේවිද කියන ඒක මට සැකයක් ...
ඒ හදවත ට දවසක හිතිලා මට කතාකරන හිතෙන තෙක් මම ඉන්නවා ....
ආදරයෙන් පටන් ගෙන කදුලින් ඉවර උන පුංච් හීනයක් ....බොදවූ හීනයක් . මේ හීනයට උදවු උපකාර කල හැමදෙනාටම බොහෝම ස්තූතියි .
මිට .
අදිකාරම් සිත .
නිම්තෙරක් නැති ආදරේ
සාගරේ තරම් ආදරේ අරන් ..... මම මග බලා ඉන්නවා ඔයා එනකම් රත්තරන් .
ඔයා කවදද ඒ ආදරය අරන් එන්නේ ...
අනේ ඉක්මනට එන්න ...
සාගරය වෙරල සිප ගන්නවා වගේ ඔයා දවසක ඇවිත් මාව සිප ගන්නකම් මම මග බලන් ඉන්නවා රත්තරන් ...
ඒ මාගේ ආදරේ එහෙම්ම බිඳක් වත් අඩු නොකර එය රැකගෙන ඉන්නවා ඔයාට දෙන්න රත්තරන්
මහ මුහුදට වෙරල සිප නොගෙන ඉන්න බෑ වගේ මට ඔයා නැතුව ඉන්න බෑ
මාව තේරුම් ගන්න මගේ පැටියෝ ....
මාව තේරුම් ගන්න.
මිට .
ඔයාගෙන් ආදරය බලන් ඉන්නා
අදිකාරම් සිත ..............
නිම්තෙරක් නැති ආදරේ
මම ඔයාට මේ සාගරේ තරම් , මේ වෙරළේ වැලි කැට ගානට මේ අහස තරම් ආදරෙයි මාගේ පැටියෝ ... ..................
එත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි ද ? ... මාගේ ආදරේ තේරුම් ගන්න පුළුවන් වෙයි ද ?........
ඔයාගෙන් උත්තරයක් එනකම් මම නොවසිල්ලෙන් බලා ඉන්නවා මගේ රත්තරන් ........
අනේ ඉක්මනට කියන්නකෝ මට ආදරේද කියලා .........
මිට .
ඔයාගෙන් ආදරය බලන් ඉන්නා
අදිකාරම් සිත ...
Thursday, January 5, 2012
ආදරේ
මීණී ම්ණි පොදේ
Sunday, January 1, 2012
බොදවූ සිහිනය
නිකම්වත් හිතුනෙ නෑ ඔයා දවසක මාව මේතරමටම අසරණ කරයි කියලා මන් වෙනුවට අද ඔයාගෙ අත වෙන කෙනෙක් අල්ලන් යද්දි නිකමටවත් මතක් උනේ නැද්ද ඉස්සර ඔයා දිහා කොල්ලෙක් බලද්දිත් මම කොයිතරම්නම් තරහ ගත්තද කියලා..අනේ ඔයාට මගෙ මතකයක්වත් තිබුනනම් මම අඩද්දිත් ඔහොම හිනා වෙන්නෙ නෑ එහෙනම්,ඔයත් මන් වගේම එක හිතින් හිටියනම් අපිට අපේ ආදරෙ නැති වෙන්නෙ නෑ කොහොමත්,ඒත් ඒ හැමදේම හරියට හීනයක් වගේ බොද වෙලා ගියා..ඔයා දුන්නු පොරොන්දු මගෙ ඇස්වලට කදුලක් උනා..අපේ මතකයන් මගෙ හිතට වේදනාවක් උනා,ඔයාට ඒ හැමදෙයක්ම නරක හීනයක් විතරක් උනා..මට මොනදේ නැති උනත් මම දරාගන හිටියෙ ඔයා මගෙ නිසා අවසානෙට ඔයා මට ඔයාවත් නැති කලා..දැන් මට මේ පේන දේවල්,ඇහෙන දේවල්,හිතිතෙන දේවලුත් නැති වෙන්න මගෙ පණ ටිකත් ඉක්මනින් මාව දාල යනවනම් අනේ මම ආසයි ඉක්මනින්ම එහෙම වෙනවනම්...
Subscribe to:
Posts (Atom)